මේ මගේ පළවෙනි පරිවර්තනය. ඉතින් මේ පොත ගැන ඔබේ අදහස පහළින් comment කරනවනම් වඩා හොඳ පරිවර්තන ඔබට ඉදිරියේ දී ලැබෙයි.
Please Share among your friends
‘හර්කියුල පොයිරොගේ රහස් පරීක්ෂණ කෙටිකතා’ මෙලෙස ඔබ අතට පත්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු කෙටි රහස් පරීක්ෂණ කතා කිහිපයක් හෙළ බසට හැරවීමට මා විසින් කළ වෑයමක් වශයෙනි.මෙම පරිවර්තනයේ එන කෙටි කතා සියල්ල බ්‍රිතාන්‍ය ජාතික ගත්කතුවරියක් වන අගතා ක්‍රිස්ටි මහත්මියගේ රහස් පරීක්ෂක කෙටිකතා ග්‍රන්ථවලින් උපුටා ගත් කෙටිකතා ය. අගතා ක්‍රිස්ටි මහත්මිය ළොව පුරා පතළව ඇත්තේ ‘රහස් පරීක්ෂක රැජිණ’ යන විරුදාවළියෙනි. බයිබලය හා ශේක්ස්පියර්ගේ ග්‍රන්ථ හැරුණු විට මෙතෙක් වඩාත්ම ජනප්‍රිය වුණු පොත්වල හිමිකාරීත්වය දරන්නේ ඇයයි. ඇය රහස් පරීක්ෂක නවකතා හා කෙටිකතා සංග්‍රහ 80 ක් ද නාට්‍ය 19 ක් ද ලියා ඇත. ඇයගේ ග්‍රන්ථ අලෙවි වූ ප්‍රමාණය කෝටි සියය ද ඉක්මවූ ගණනකි.
මෙහි එන ‘හර්කියුල පොයිරෝ’ නමැති
බෙල්ජියන් ජාතික රහස් පරීක්ෂකවරයාගේ ප්‍රථම කරළියට ඒම සිදුවන්නේ අගතා ක්‍රිස්ටි
මහත්මියගේ ‘The Mysterious Affair At Styles’ යන ග්‍රන්ථයෙනි.
එයින් පසු ඔහු ඇයගේ නවකතා 40 ක පමණ ද කෙටිකතා
51 ද පෙනී සිටියේ ය.
මෙහි දැක්වෙන
කෙටිකතා උපුටා ගනු ලැබූ කෙටිකතා සංග්‍රහයන්ගේ ඉංග්‍රීසි ප්‍රකාශන පහත පරිදි වේ.
·
Poirot’s Early Cases
Ø
Affair at the Victory Ball
Ø
The Plymouth Express
·
Poirot’s Investigations
Ø
The jewel robbery at the Grand Metropolitan
·
The adventure of the Christmas Pudding
Ø
Four and Twenty Blackbirds
මෙහි ඇලකුරුවලින් දක්වා ඇත්තේ පොයිරෝ ප්‍රංශ බසින් කියන කියුම් බව පවසමින් ඔබ හට මෙම පොත කියවා බැලීමට ආරාධනා කරන අතරම අවසාන වශයෙනුත් මේ සඳහා අතහිත දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි.
පොත පහතින් ලබාගන්න.
https://drive.google.com/file/d/16UQ9cZ_GD6aDoLIwsh-SaQu5PERx62z7/view?usp=sharing
Subscribe My Youtube Channel For Further Updates
https://www.youtube.com/channel/UCEefPWwFsHJ_tkPA0Zz36Gg
Source- https://en.wikipedia.org/wiki/Agatha_Christie