Wednesday, 15 September 2021

Sinhala Translations of Agatha Christie

මේ මගේ පළවෙනි පරිවර්තනය. ඉතින් මේ පොත ගැන ඔබේ අදහස පහළින් comment කරනවනම් වඩා හොඳ පරිවර්තන ඔබට ඉදිරියේ දී ලැබෙයි.

Please Share among your friends

                                                        

‘හර්කියුල පොයිරොගේ රහස් පරීක්ෂණ කෙටිකතා’ මෙලෙස ඔබ අතට පත්වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු කෙටි රහස් පරීක්ෂණ කතා කිහිපයක් හෙළ බසට හැරවීමට මා විසින් කළ වෑයමක් වශයෙනි.මෙම පරිවර්තනයේ එන කෙටි කතා සියල්ල  බ්‍රිතාන්‍ය ජාතික ගත්කතුවරියක් වන අගතා ක්‍රිස්ටි මහත්මියගේ රහස් පරීක්ෂක කෙටිකතා ග්‍රන්ථවලින්  උපුටා ගත් කෙටිකතා ය. අගතා ක්‍රිස්ටි මහත්මිය ළොව පුරා පතළව ඇත්තේ ‘රහස් පරීක්ෂක රැජිණ’ යන විරුදාවළියෙනි. බයිබලය හා ශේක්ස්පියර්ගේ ග්‍රන්ථ හැරුණු විට මෙතෙක් වඩාත්ම ජනප්‍රිය වුණු පොත්වල හිමිකාරීත්වය දරන්නේ ඇයයි. ඇය රහස් පරීක්ෂක නවකතා හා කෙටිකතා සංග්‍රහ 80 ක් ද නාට්‍ය 19 ක් ද ලියා ඇත. ඇයගේ ග්‍රන්ථ අලෙවි වූ ප්‍රමාණය කෝටි සියය ද ඉක්මවූ ගණනකි.

මෙහි එන ‘හර්කියුල පොයිරෝ’ නමැති බෙල්ජියන් ජාතික රහස් පරීක්ෂකවරයාගේ ප්‍රථම කරළියට ඒම සිදුවන්නේ අගතා ක්‍රිස්ටි මහත්මියගේ ‘The Mysterious Affair At Styles’ යන ග්‍රන්ථයෙනි.

එයින් පසු ඔහු ඇයගේ නවකතා 40 ක පමණ ද කෙටිකතා 51 ද පෙනී සිටියේ ය. 

මෙහි දැක්වෙන කෙටිකතා උපුටා ගනු ලැබූ කෙටිකතා සංග්‍රහයන්ගේ ඉංග්‍රීසි ප්‍රකාශන පහත පරිදි වේ.

·         Poirot’s Early Cases

Ø   Affair at the Victory Ball

Ø   The Plymouth Express

·         Poirot’s Investigations

Ø     The jewel robbery at the Grand Metropolitan

·         The adventure of the Christmas Pudding

Ø    Four and Twenty Blackbirds

මෙහි ඇලකුරුවලින් දක්වා ඇත්තේ පොයිරෝ  ප්‍රංශ බසින් කියන කියුම් බව පවසමින් ඔබ හට මෙම පොත කියවා බැලීමට ආරාධනා කරන අතරම අවසාන වශයෙනුත් මේ සඳහා අතහිත දුන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමි.

පොත පහතින් ලබාගන්න.

https://drive.google.com/file/d/16UQ9cZ_GD6aDoLIwsh-SaQu5PERx62z7/view?usp=sharing


Subscribe My Youtube Channel For Further Updates

https://www.youtube.com/channel/UCEefPWwFsHJ_tkPA0Zz36Gg



In her prime, Christie was rarely out of the bestseller list.
[157] She was the first crime writer to have 100,000 copies of 10 of her titles published by Penguin on the same day in 1948.[158][159] As of 2018Guinness World Records listed Christie as the best-selling fiction writer of all time.[160] As of 2020, her novels had sold more than two billion copies in 44 languages.[160] Half the sales are of English-language editions, and half are translations.[161][162] According to Index Translationum, as of 2020, she was the most-translated individual author.[163][164] Christie is one of the most-borrowed authors in UK libraries.[165][166][167][168] She is also UK's best-selling spoken-book author. In 2002, 117,696 Christie audiobooks were sold, in comparison to 97,755 for J. K. Rowling, 78,770 for Roald Dahl and 75,841 for J. R. R. Tolkien.[169][170] In 2015, the Christie estate claimed And Then There Were None was "the best-selling crime novel of all time",[171] with approximately 100 million sales, also making it one of the highest-selling books of all time.[128][172] More than two million copies of her books were sold in English in 2020.[173]

Source- https://en.wikipedia.org/wiki/Agatha_Christie



12 comments:

  1. කරුණාකර ඔබේ අදහස් දක්වන්න.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි😊🙏 සහෝදරයා

    ReplyDelete
  3. මේ වැඩේ සුපිරි දිගටටම කරගෙන යන්න

    ReplyDelete
  4. ඉතාමත් අපූරුයි.

    නීති විරෝධී ලෙස අනෙත් අයගේ පොත් අන්තර්ජාල ගත කරන අවධියක තමන් විසින් ම පරිවර්ථනය කරන ලද කෘතියක් මෙසේ නොමිලයේම පාඨකයන්ට ලබා දීමට කටයුතු කිරීම බෙහෙවින් ම අගය කල යුත්තකි.

    තවත් එක අදහසක් ඉදිරිපත් කරන්නම්. මෙම අදහස ඉදිරිපත් කරන්නේ ඔබව අධෛර්යය කිරීමට නොව මා දුටු යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා යි. එනම් ‌ ‌දෙබස් ඇති තැන් වල ‌‌‌ඡේද වෙන් කිරීමේ දී මීට වඩා පැහැදිලි ලෙස තිබුනා නම් හොඳය.

    නැවතත් මෙවන් පරිවර්ථන කිරීම සඳහා සුබාසිංශන එක් කරමි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි කමෙන්ටුවට. අනිවාර්යයෙන්ම ඔබේ යෝජනාව ගැන සලකා බලන්නම්. හැකි වුණොත් ජේද වෙන් කර re upload කරන්නම්.

      Delete
    2. Deception point පරිවර්තනය ගැනත් අදහසක් කියන්න.

      Delete
  5. ව⁣ටිනා කටයුත්තක් .
    ඔබට තුති !

    ReplyDelete
  6. ස්වෝත්සාහයෙන් මෙවැනි දෙයක් කිරීම ගැන මගේ ස්තුතිය පළ කරමි. ඉදිරියටත් අගතා ක්‍රිස්ටී මහත්මියගේ පොත් පරිවර්තනය කිරීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි.

    ReplyDelete

Deception Point - Dan Brown Sinhala Translation (සිංහල පරිවර්තනය)

  උදව්වක් වශයෙන්  improve වෙන්න ඔන තැන් ගැන Comment කරල යන්න.  Please Share among your friends ලෝකයේ වැඩි‍යෙන්ම අලෙවි වූ පොත වන ඩාවින්චි කේත...